කෘතීම බුද්ධිය යනු — 01

Nipun Madusanka
3 min readSep 12, 2024

--

Photo by Google DeepMind on Unsplash

කෘතිම බුද්ධිය යනු ගැටළු විසඳීම, ඉගෙනීම, තීරණ ගැනීම සහ ස්වභාවික භාෂාව අවබෝධ කර ගැනීම වැනි සාමාන්‍යයෙන් මානව බුද්ධිය වෙහෙසවා කරනු ලබන කාර්යයන් ඉටු කළ හැකි පරිගණක පද්ධති සංවර්ධනයයි. කෘතීම බුද්ධිය පදනම් වී ඇත්තේ මිනිසාගේ චින්තන ක්‍රියාවලීන් සහ තීරණ ගැනීම අනුකරණය කිරීමට යන්ත්‍ර නිර්මාණය කළ හැකිය යන අදහස මතය. සාමාන්‍යයෙන්, මෙවැනි කෘතීම බුද්ධි පද්ධති ක්‍රියා කරන්නේ විශාල දත්ත ප්‍රමාණයක් භාවිතා කර පුහුණු කිරීමෙන් අනතුරුවය.

කෘතීම බුද්ධිය විකාශණය

1950 Turing Test
ඇලන් ටියුරින් විසින් මිනිසාගේ හැසිරීමෙන් වෙන් කොට හඳුනාගත නොහැකි, බුද්ධිමත් හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට යන්ත්‍රයකට ඇති හැකියාව මැන බැලීම සදහා පරීක්ෂණයක් යෝජනා කළේය. එම පරීක්ෂණය turing test ලෙස හැදින්වේ.
යන්ත්‍රයකට මිනිස් බුද්ධිය අනුකරණය කළ හැකිද යන්න Turing Test මගින් ඇගයීමට ලක් කරයි. යන්ත්‍රය සමඟ අන්තර් ක්‍රියා කරන මිනිසෙකුට එය යන්ත්‍රයක් බව හදුනාගැනීමට නොහැකි නම්, එම යන්ත්‍රය පරීක්ෂණයෙන් සමත් වූ බව සලකනු ලැබේ.
(ඇලන් ටියුරින් බ්‍රිතාන්‍ය ගණිතඥයෙක් සහ පරිගණක විද්‍යාඥයෙක් වූ අතර ඔහු නවීන පරිගණකකරණයේ සහ කෘතිම බුද්ධියේ පුරෝගාමියෙකු ලෙස සැලකේ. )

1956 Dartmouth සම්මන්ත්‍රණය
1956 දී පවත්වන ලද Dartmouth සමුළුව, ක්ෂේත්‍රයක් ලෙස කෘතිම බුද්ධියේ උපන් ස්ථානය ලෙස සැලකේ. John McCarthy සහ තවත් අය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව, මානව බුද්ධිය අනුකරණය කළ හැකි යන්ත්‍ර නිර්මාණය කිරීමේ සංකල්පය ගවේෂණය කිරීමට පර්යේෂකයන් එක්රැස් කළේය. “Artificial Intelligence” යන යෙදුම ද ජෝන් මැකාති විසින් නිර්මාණය කරන ලද්දකි.

1960 මුල් AI වැඩසටහන්
ELIZA, 1960s හි Joseph Weizenbaum විසින් සංවර්ධනය කරන ලද, පළමු AI වැඩසටහන් වලින් එකකි. එය රොජීරියානු මනෝචිකිත්සකයෙකු අනුකරණය කරමින් සංවාදයක් අනුකරණය කර, සරල පරිශීලක ආදානයන් වලට ප්‍රතිචාර දක්වන ලදී.

1970 AI ශීත ඍතුව
සීමිත පරිගණක බලය සහ බලාපොරොත්තු වූ තරම් අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් මුල් උද්යෝගය අඩු වූ කාලයකි. නව පරීක්ෂණ සිදු කිරීම සදහා අරමුදල් අඩු වීම හේතුවෙන් AI හි නව සොයා ගැනීම් දුලබ විය මෙම කාලය තුලදී.

1980 Expert Systems
1980 ගණන්වල ජනප්‍රිය වූ විශේෂඥ පද්ධති, මානව විශේෂඥයින්ගේ තීරණ ගැනීමේ හැකියාව අනුකරණය කිරීමට නිර්මාණය කරන ලද AI වැඩසටහන් වේ. ඔවුන් වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව වැනි විශේෂිත ශේෂ්ත්‍ර වල සංකීර්ණ ගැටලු විසඳීමට භාවිතා කරනු ලැබිය. මෙම පද්ධතීන් යම් සාර්ථකත්වයක් පෙන්වූ නිසා නැවතත් ශීත ඍතුවෙන් පසුව ශේෂ්ත්‍රය පිලිබදව උනන්දුව පුනර්ජීවනය විය.

1997 ඩීප් බ්ලූ එදිරිව කැස්පරොව්
Deep Blue යනු IBM විසින් සංවර්ධනය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන චෙස් ක්‍රීඩා කරන පරිගණකයකි. 1997 දී, එය තරඟ 6 කින් යුත් තරඟයකදී වත්මන් ලෝක චෙස් ශූර ගැරී කැස්පරොව් පරාජය කරමින් ඉතිහාසගත විය. මෙම ජයග්‍රහණය AI හි වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.

2000 ගණන් Machine Learning and Big Data
අන්තර්ජාලයේ වර්ධනය සහ Big Data යන්ත්‍ර ඉගෙනීමේ දියුණුවට විශාල හේතුවක් විය, AI පද්ධති පුහුණු කිරීමට අවශ්‍ය විශාල දත්ත අන්තර්ජාලය හරහා පහසුවෙන් රැස් කර ගැනීමට හැකිවිය. මේ නිසා අප හට අද වන විට chatGPT වැනි AI tools භාවිතා කර වැඩ පහසු කර ගැනීමට හැකි වී ඇත.

2011 IBM Watson
IBM Watson යනු Jeopardy ජයග්‍රහණය කිරීම සඳහා භාවිතා කරනු ලැබූ ප්‍රසිද්ධ AI පද්ධතියකි! එහි උසස් ස්වභාවික භාෂා සැකසුම් සහ දත්ත විශ්ලේෂණ, තීරණ ගැනීම ආදී හැකියාවන් නිසා සෞඛ්‍ය, ව්‍යාපාර වැනි ක්ෂේත්‍රවල වැඩ පහසු කිරම සදහා භාවිතා වේ.

2016 AlphaGo
DeepMind’s AlphaGo විසින් Go ශූර Lee Sedol පරාජය කරන ලද, අතිශය සංකීර්ණ කාර්යයන් හැසිරවීමට හැකි AI පද්දතියකි.
(AlphaGo යනු DeepMind විසින් වැඩි දියුණු කරන ලද AI එකක් වන අතර එය 2016 දී Go ශූර Lee Sedol පරාජය කළේය.)

2020 පසු එදිනෙදා ජීවිතයේ AI
හඬ සහායකයින්, නිර්දේශ පද්ධති සහ ස්වයංක්‍රීය වාහන වැනි තාක්ෂණයන් හරහා AI දෛනික ජීවිතයට ගැඹුරින් ඒකාබද්ධ විය.
හඬ සහායකයින් (උදා: Siri, Alexa), නිර්දේශ පද්ධති (උදා: Netflix, Spotify) සහ ස්වයංක්‍රීය වාහන වැනි තාක්ෂණයන් හරහා AI දෛනික ජීවිතයට ගැඹුරින් ඒකාබද්ධ විය. වැඩ පහසුව, පුද්ගලාරෝපිත අත්දැකීම් සහ එදිනෙදා ක්‍රියාකාරකම්වල විවිධ පැතිකඩ වැඩිදියුණු කළේය.

--

--

Nipun Madusanka

Learning about new technologies is a passion of mine, and I find it enjoyable. My ultimate goal is to utilize technology in ways that benefit society.